Gossips

ඉන්දුනීසියාවේ අන්දමන් දූපත් අසල භූ කම්පනයක්

ඉන්දීය සාගරයේ අන්දමන් දිවයින් අසළ අද (13) උදෑසන රික්ටර් පරිමාණයේ 5.6ක භූ කම්පනයක් සිදුවුණා.
කෙසේ නමුත්, එයින් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.
ගොඩබිමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළා.
අන්දමන් සහ නිකොබාර් දිවයින් පිහිටා ඇත්තේ භූගෝලීය වශයෙන් අතිශය සක්‍රිය කලාපය තුළයි.