Gossips

ඇමරිකාවට හිම කුණාටුවක්

ඇමරිකාවේ – චිකාගෝ සිට ඩිට්රොයිට් දක්වා මිඩ්වෙස්ට් ප්‍රදේශයට ඊයේ (09) හැමූ දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් 1600 ක් පමණ අවලංගු කර තිබෙනවා.
මාර්ග රැසක් සෙන්ටිමීටර් 23ක හිම තට්ටුවකින් වැසී ගිය අතර, පාසල් සහ කාර්යාල වසා දැමීමට පියවර ගැනුණා.
හිම කුණාටු තත්ත්වය හේතුවෙන් හදිසි අනතුරු රැසක් ද සිදුවී ඇති අතර ජීවිත හානි 13 ක් වාර්තා වුණා.
2011 වසරට පසු ඇමරිකාවේ මිඩ්වෙස්ට් ප්‍රදේශයට මෙතරම් දරුණු හිම කුණාටුවක් හැමූ ප්‍රථම අවස්ථාව මෙයයි.