Politics Sri Lanka

ඇත්ත ඡන්ද ප්‍රතිඵලය මෙන්න !

ඇත්ත ඡන්ද ප්‍රතිඵලය මෙන්න !

පළාත් පාලන මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් මහින්ද පිලට ලබාගැනීමට හැකිවී ඇත්තේ 44.89%ක ප්‍රතිශතයකි. ඓමෙන්ම එජාපයටද මෙරව ලබාගැනීමට හැකි වී ඇත්තෙ 32.63%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දෙකේම ඡන්ද එකතුකළවිට ඔවුන්ට ලබාගැනීමට හැකිවී ඇත්තේ 13.38%ක ප්‍රතිශතයකෙි. මේ අතර ජනතා විමුක්ති පරමුණට 6.27%ක ඡන්ද ප්‍රතිශතයක් හිමවී ඇත.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ බලකොටුව වූ හම්බන්තොට සහ කුරූණෑගල යන දිස්ත්‍රික්ක දෙකේදී මහින්ද පිල බරලතල පසුබෑමකට ලක්ව තිබේ.

හම්බන්තොට පළාත්පාලන ආයතන 12කින් 50%ක ඡන්ද ප්‍රතිශතයක් පසු කර ඇත්තේ ආයතන 06ක පමණි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරය දරණ කරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21න් ඔහුට 50%ක ඡන්ද ප්‍රමාණයක් පසුකිරිමට හැකි වී ඇත්තේ ආයතන 04ක පමණි.

ඓමන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට තිබූ 5,098,916ක ඡන්ද ප්‍රමාණය මෙවර 3,612,259 දක්වා පහත වැටි ඇත. ජනතා විමුක්ති පෙරමුණට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබී තිබූ 543,944ක ඡන්ද ප්‍රමාණය මෙවර 693,875 දක්වා වර්ධනය වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 4.87% සිට 6.27% දක්වා ඉහළ ගොස් ඇත.

පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090ක් ඡන්ද ප්‍රමාණය පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී 4,732,664 දක්වා ඡන්ද ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටිණි. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග කළ කිරී සිටි එම පිරිසෙන්, පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂක ඡන්ද ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් නැවත ඡන්ද පොළ වෙත කැඳවා ගැනීමට මහින්ද පිළට හැකි වී තිබේ.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට ඡන්ද දුන් ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 02ක පමණ පිරිසක් ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකේ ඡන්ද ප්‍රතිඵල මෙසේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 50% වඩා වැඩි ඡන්ද ප්‍රතිශයක් ලබාගත් පළාත් පාලන ආයතන

අම්බලන්තොට ප්‍රාදේශීය සභාව 50.69%, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව 50.41%, අඟුණකොල පැලැස්ස ප්‍රාදේශීය සභාව 51.88%, කටුවන ප්‍රාදේශීය සභාව 53.67%, සූරියවැව ප්‍රාදේශීය සභාව 53.38%, වීරකැටිය ප්‍රාදේශීය සභාව 56.03%යි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 50% වඩා අඩු ඡන්ද ප්‍රතිශයක් ලබාගත් පළාත් පාලන ආයතන,

හම්බන්තොට ප්‍රාදේශීය සභාව 46.86%, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව 46.79%, තංගල්ල ප්‍රාදේශීය සභාව 49.55%, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව 47.57, තංගල්ල නගර සභාව 38.1%, හම්බන්තොට මහ නගර සභාව 34.58%.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 50% වඩා වැඩි ඡන්ද ප්‍රතිශයක් ලබාගත් පළාත් පාලන ආයතන,

ගල්ගමුව ප්‍රාදේශීය සභාව 50.58%, වාරියපොල ප්‍රාදේශීය සභාව 51.29%, බිංගිරිය ප්‍රාදේශීය සභාව 51.83%, පොල්පිතිගම ප්‍රාදේශීය සභාව 52.28%.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ 50% වඩා අඩු ඡන්ද ප්‍රතිශයක් ලබාගත් පළාත් පාලන ආයතන,

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව 43.9%, මාවතගම ප්‍රාදේශීය සභාව 44.02%, කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව 43.84%, කුරුණෑගල මහ නගර සභාව 38.85%, උඩුබද්දාව ප්‍රාදේශීය සභාව 48.48%, පොල්පිතිගම ප්‍රාදේශීය සභාව 49.84%, නාරම්මල ප්‍රාදේශීය සභාව 48.47%, රිදීගම ප්‍රාදේශීය සභාව 49.46%, අලව්ව ප්‍රාදේශීය සභාව 49.45%, කුරුණෑගල ප්‍රාදේශීය සභාව 46.62%, නිකවැරටිය ප්‍රාදේශීය සභාව 47.18%, ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව 48.36%, කුලියාපිටිය නගර සභාව 41.03%, කුලියාපිටිය ප්‍රාදේශීය සභාව 44.16%, පන්නල ප්‍රාදේශීය සභාව 48.93%, ගිරිබාව ප්‍රාදේශීය සභාව 47.23%, මහව ප්‍රාදේශීය සභාව 47.05%යි.

මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලිව පෙන්නුම් කරන තවත් ප්‍රධානම කරුණක් වන්නේ පැවති ජනාධිපතිවරණයේදී මහින්ද පිලට සහ මහින්ද විරෝධී පිලට ලැබුණු ඡන්ද ප්‍රතිශතයේ කිසිඳු වෙනසක් සිදුවී නොමැති වීමයි. එදා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ 57 ලක්ෂයක ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 07ක 08ක පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහින්ද පිලට ඡන්දය ලබාදී නැත. එදා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කළ පක්ෂ සියල්ලගේම ඡන්ද ප්‍රමාණය එක් කළ විට එදා මහින්ද විරෝධී කඳවුර ලැබුණු ඡන්ද ප්‍රමාණයටද වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකරගෙන ඇති බව පෙනී යයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ සාධකය මුල්කරගෙන මෙවර පළාත් පාලන මැතිවරණ බිමට පිවිසි මහින්ද පිලට රටේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 50ක් ඉක්මවා යාමට නොහැකිවීම තුළද පෙන්නුම් කරන්නේ මහින්ද පිල සැලකියයුතු ජයග්‍රහණයක් හිමිකරගෙන නොමැති බවයි.