Gossips

ආණ්ඩුවේ ප්‍රභල වෙනසක් අද – තීරණයට තව හෝරා කිහිපයයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.
පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග මේ තත්වය උදා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයට සහයෝගය දෙන ලෙසයි පක්ෂයේ ප්‍රබලයින් ඉල්ලා සිටින්නේ.
තම පාසලේ මිතුරන් සමග එක්වී ඔවුන්ගේ උපදෙස් අනුව ආණ්ඩුකරණය සහ එම මිතුරන්ට ආණ්ඩුවේ ප්‍රබල තනතුරු ලබාදීම මේ ගැටලුවට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රටේ ආර්ථිකය හැසිරවීමේ සියලු බලතල අගමැතිවරයාගේ පාසල් මිතුරන්ගේ කණ්ඩායම දරන බවටත් චෝදනා එල්ල වනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක චරිත රත්වත්තේගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරුට ඔහුගේ සහෝදරයා වන සුරේන් රත්වත්තේ පත් කිරීම හරහා සිදු වූ දුෂණ මේ ආණ්ඩුවේ කීර්ති නාමය කඩා වැටීමට හේතුවක් වූ බවයි පක්ෂයේ ප්‍රබලයින් පේනවා දෙන්නේ.
2002දී බලයට පත් වූ අවස්ථාවේදීත් මෙවැනිම තත්වයක් ඇති කරමින් ආණ්ඩුව විනාශ කරගත් බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙවරත් නායකත්ව මණ්ඩලයක් පිහිටුවා අගමැතිවරයා මේ අර්බුදය යටපත් කිරීමට උත්සහා කලද 2020 ජනාධිපතිවරණය ජයගැනීම සදහා අනිවාර්යන් අගමැතිවරයා මේ අවස්ථාවේ ඉවත් විය යුතු බවයි.
මේ අර්බුදය ගෙන සාකච්චා කරන්නට අද සවස එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සමග අගමැතිවරයා සකච්චචාක් පැවැත්වීමට නියමිත අතර එම සාකච්චාවේදී අගමැතිවරයාට ඉවත් වන ලෙස දැන්වීමට නියමිත බවයි වාර්තා වන්නේ