Gossips

ආණ්ඩුවෙන් ඉවත් වනවා ද? – නැද්ද ? නිදහස් පක්ෂයේ තීන්දුව ?

අනිද්දා රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඓතිහාසික වනු ඇති බවට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා.
එදිනට නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගැනීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් ද එදින පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.