Politics Sri Lanka

අැඹිලිපිටිය ප්‍රතිඵලවල අවුලක්!

අැඹිලිපිටිය ප්‍රතිඵලවල අවුලක්!

මැතිවරණ කොමිසන් සභාව විසින් https://election.news.lk/ වෙබි අඩවිය සඳහා නිකුත් කර ඇති ප‍්‍රතිඵලවල දෝෂයක් නිසා මේ වන විට විවිධ මාධ්‍ය මගින් වාර්තා කර ඇති 2018 පළාත්පාලන මැතිවරණ ප‍්‍රතිඵල මුළුමනින්ම අවුල්සහගත තත්වයක් මතුව තිබේ.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇඹිලිපිටිය නගර සභාව සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇත්තේ එකම ප‍්‍රතිඵල ලේඛනයේ පිටපත් දෙකකටය. මේ අනුව මැතිවරණ කොමිසම විසින් නිවැරදි ප‍්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන තුරු සමස්ත ප‍්‍රතිඵලය පිළිබඳ නිවැරදි සංඛ්‍යා ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ. (2018.02.13 පස්වරු 6.00ට)