Gossips

අවශ්‍ය තරම් රට ඉදි වෙළෙඳපොළට බෙදා හැරීමට කටයුතු කරන ලෙසට අගමැතිගෙන් උපදෙස්

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පාරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රට ඉදි තොග වෙළඳපොළට බෙදා හැරීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රට ඉදි බෙදා හැරෙන අතර, පසුගිය වසරේ සෞදි අරාබිය විසින් රට ඉදි ටොන් 150ක් මෙරටට නොමිළේ ලබාදෙනු ලැබුවා.
කෙසේ වෙතත්, මෙවර මැදපෙරදිග රටඉදි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිළේ ලැබෙන රට ඉදි ප්‍රමාණය ද අඩු වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.