Gossips

අර්ජුන් මහේන්ද්‍රන් පැය 24ක් තුළ, ලංකාවට ගෙන්වා ගන්නැයි ඒකාබද්ධය, ජනපතිගෙන් ඉල්ලයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පැය 24ක් තුල ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහය ලබාගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද (27) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිංගප්පූරු රජයෙන් මේ පිළිබදව ඉල්ලා සිටීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ද පියවර ගත යුතු බවයි.