Gossips

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ වගකීම අගමැති සතුයි – ඇමති සුසිල්

ප්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන වගකීම අගමැතිවරයා සතු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ 2015 වර්ෂයේදී මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන විට ඔහු පිලිබදව සම්පූර්ණ වගකීම තමා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා සහභාගි වූ හිරු ටී.වී. සලකුණ දේශපාලන වැඩසටහනේදී සාර්ථකව ප්‍රශ්න යොමුවූ බවත්, ඊට ජනාධිපතිවරයා පැහැදිලිව සාර්ථකව පිළිතුරු ලබාදුන් බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වූ හිරු ටී.වී. සලකුණ වැඩසටහන යූ ටියුබ් මගින් විශාල පිරිසක් නරඹා ඇති බවයි.
එය අනෙකුත් දේශපාලන නායකයින් සහභාගි වූ වැඩසටහන් නරඹා ඇති ප්‍රතිශතය සමග සසදා බැලීමේදී ඉතා ඉහළ අගයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.