Politics Sri Lanka

අනුර යාපාට එරෙහි ලිපිගොනුව නීතිපති ලඟ හිරවෙයි – අනුර යාපා මෛත්‍රී ලඟ සළුවෙයි

අනුර යාපාට එරෙහි ලිපිගොනුව නීතිපති ලඟ හිරවෙයි – අනුර යාපා මෛත්‍රී ලඟ සළුවෙයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශණ යාපා මහතා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට වාසි වන අන්දමින් ගංවතුරෙන් විපතට පත්වූවන්ට යැයි පවසමින් ගංවතුර තබා එකල කිසිදු ස්වාභාවික විපතක් සිදු නොවූ ගිරිඋල්ල ‍සහ පන්නල ප්‍රදේශවල ජනතාවට වියලි සලාක බෙදාදීමට යැයි පවසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් මිලියන 07කට ආසන්න මුදලක් වංචා කිරීමට අදාලව පරීක්ෂණ පැවැත්වූ ලිපිගොනුව මේ වනවිටත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල 2015.01.22 දින දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබි ඇති අතර එහි මූලික විමර්ශන කටයුතු අවසන් කර 2015.04.22 දින අංක ACC/FC/2015/135 යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

එහි විමර්ශන අවසන් කර අනුර ප්‍රියදර්ශන යාපා මහතාට විරුද්ධව ගන්නා නීති ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව නීතිපති තීරණය දැනගැනීම සඳහා 2016 වසර වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ලිපිගොනුව අංක CR/5/35/15 යටතේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතත් මේ වනතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය දැනුම් දී නැත.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා ඇතුළු වගඋත්තරකරුවන් 07දෙනාට විරුද්ධව අනුර 1982 අංක 12 දරන පොදු දේපළ විශයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 වන වගන්තියේ සඳහන්, දණ්ඩ නීති සංග්‍රහයේ වංචා කිරීම, සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීම යටතේ නඩු පැවරිය හැකි බව දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය සිය මූලික විමර්ශනවලදි තහවුරු කර ඇත.

කෙසෙන් මනුත් මෙම වගඋත්තර කාර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා මේ වනවිට දූෂණයට, වංචාවට එරෙහිව මැතිවරණ වේදිකාවේ වේගවත් කතා පවත්වමින් සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වත්මන් රනිල් – මෛත්‍රී ආණ්වේ මෛත්‍රී පාර්ශවයේ ඇමතිවරයෙකුද වේ.

දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති වාර්තාවේ පහත කරුණුද අනාවරණය වේ.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතාගේ මැදිහත් වීමෙන් තෙල් සංස්ථාව සතු රුපියල් හැටඑක්ලක්ෂ හතලිස් හයදහස් එසිය දහයක (රු. 6,146,110) මුදලින් පැවති ජනාධිපතිවරණයේදී ජනතාවට බෙදිම සඳහා වියලි ද්‍රව්‍ය ලබා මැතිවරණයට භාණ්ඩ බෙදා දීම.

දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත 2015.01.22 දින යොමු කරන ලද යටතේ ලියාපදිංචි කොට ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධ්‍යයන වාර්ථාවක්ද සමඟ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත යොමු කරන ලද පැමිණිල්ල මෙසේය.

පැමිණිල්ලේ චෝදනා

ගිරිඋල්ල ‍සහ පන්නල ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වු පවුල් 2500ක් සඳහා එක් පවුලකට රුපියල් 2500ක් වටිනා වියළි ආහාර බෙදීමට බව සඳහන් කරමින් 2014.12.28 දින ස.තො.ස පන්නල ශාඛාවෙන් රුපියල් 6,146,110ක් වටිනා භාණ්ඩ හිටපු ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතාගේ නිවසට රැගෙන ගොස් ඇති අතර මේ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මුදල් ගෙවා ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

උක්ත භාණ්ඩ අනුර ප්‍රියදර්ශණ මහතාගේ නිවසේ සිටි ආර්.එම්.ඒ.ජේ. කුමාර (ජාතික හැදුනුම්පත් අංක 840323595 v) යන අය විසින් අත්සන් කොට භාරගෙන ඇති අතර මෙම භාණ්ඩ සඳහා නිකුත් කළ බිල්පත් සඳහා ගෙවීම් කිරීමට තෙල් සංස්ථාවට එවා ඇත.

මෙම වංචනික දූෂිත ක්‍රියාව නීතිගත කර ගැනීමට 2014.12.30 දින කළමනාකරණ අධ්‍යක්ෂ විසින් සභාපතිවරයාට ලිපියකින් ඉල්ලා ඇත්තේ අමාත්‍යාංශයේ ලේකම්ගේ ඉල්ලීම පරිදි පන්නල ප්‍රදේශයේ පවුල් 2500කට රුපියල් 2500 බැගින් වියළි ආධාර දීමට රුපියල් මිලියන 07ක් වැය වන බවත්, එම ඉන්වොයිස් අමුණා ඇති බවත්, එ් සඳහා මුදල් ගෙවීමට අනුමැතිය ලබා දෙන ලෙසය.

එදිනම සභාපති විසින් එයට අනුමැතිය ලබා දී ඇත. එදිනම කළමනාකාර අධ්‍යක්ෂවරයා ගෙවීම් සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වෙත යොමු කොට ඇති අතර, බිල්පත් අලෙවි කළමනාකාර විසින් අනුමත කොට වවුචරය සකසා චෙක්පත් මුද්‍රණය කොට ඇත. පවුල් 2500කට භාණ්ඩ බෙදා දීමට ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කිසිදු ලේඛනයක් හෝ විපතට පත් පවුල් හදුනා ගැනීමක් සිදු කොට නොමැත. එනම් මෙම භාණ්ඩ කා හට බෙදා දුන්නේද යන්න කිසිවෙකුත් නොදනී.

විමර්ශනයේදී සනාථ වූ චෝදනා

1982 අංක 12 දරන පොදු දේපළ විශයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 වන වගන්තියේ සඳහන්, දණ්ඩ නීති සංග්‍රහයේ වංචා කිරීම, සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබල දීම.

වගකිවයුතු සැතකරුවන්

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා, ධම්මිකා ශිරානි සුමනරත්න, එස්. ඒ. අමරසේකර, සුසන්ත ද සිල්වා, සරත් පෙරේරා, චමින්ද සමරකෝන් සහ ජේ.එම් අනුර සෙනවිරත්ත.

විමර්ශනයේ ප්‍රගතිය

CR/5/35/15 යටතේ නීතිපති වෙත යොමුකර ඇත.