Gossips

අධ්‍යාපනයේ අයිතිය ඉල්ලීම

අකුරු කළ යුතු වයසේ පසුවුවත් ඒ හීනය තවමත් අහිමිව ගිය දියණියන් දෙදෙනෙකු පිළිබඳ අපිට පොළොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා.
හෙට දවසේ හොඳ අධ්‍යාපනයකින් ජීවිතයේ ඉදිරිය සාර්ථක කර ගන්නට නැකතට 'අ' යනු 'ආ' යනු ගැළපුවත්, පාසැල් අධ්‍යාපනය අකැප වු මේ පුංචි දියණියන් දෙදෙනා ජීවත් වන්නේ පොළොන්නරුව – වැලිකන්ද – සෙවණපිටිය ගම්මානයේ.
කුඩා කළ තම දෙමාපියන් සමග කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දියණියන්ගේ දෙමාපියන් හැර යාම නිසා ඔවුන් හැදී වැඩෙන්නේ තම මිත්තණියගේ සෙවණේයි.
අධ්‍යාපනය ලැබීම සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් සේම, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සනාථකර තිබුණත් මේ දියණියන් දෙදෙනාගේ එම අයිතිවාසිකම උල්ලංඝනය වී ඇත්තේ වසර එක හමාරක් තිස්සේ සිටයි.
තමන් ජීවත්වන නිවසේ සිට මීටර් 650ක දුරකින් සෙවණපිටිය ප්‍රාථමික විද්‍යාලය පිහිටා තිබුණද එහි අධ්‍යාපනය ලබන්නට තරම් මේ දරුවන් තවමත් වසනාවන්ත වී නැහැ.