Breaking Politics Sri Lanka

බැසිල් රනිල් ඩීල් එක හෙළිවේ… 100%ක් ඇත්ත තොරතුරු පොහොට්ටු ක්‍රියාකරුවෙකු හෙළිකරයි…

ඊයෙ අප පල කල ප්‍රවෘත්තියෙන් පසු  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙකු විසින් අපට ඉතා දිගු ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඔබගේ දැන ගැනීම උදෙසා එම ලිපිය එලෙසම පළ කිරීමට අප කටයුතු කරමු.

කතෘතුමා වෙත,

මචං උඹලා ඊයේ ඇත්තම ලියලා තිබ්බා අපේ මැයි රැළිය ගැන. ඒකට බොහොම ස්තුතියි. එතන ගියපු ඒවා තනිකර බැසිල් ගේ ප්ලෑන්.පොඩි දෙයක් නිවැරදි කරන්න ඕනේ. අර ඉහලින් නියෝග ඇවිත් කතා කරන්න දෙන එක නැවැත්තුවා කියන එක නම් නිවැරදි නෑ මම දන්න විදියට. ඒ වගේම චමින්ද තමයි ස්ටේජ් හැදුවේ. ඒකත් ඉතින්න් සබ් කන්ට්‍රක්ට් එකක්ද දන්නේ නෑ නේ.  ඔතන වැඩිපුරම ගොට්ට අල්ලන් ඉන්නේ රෝහිත. තව කීප දෙනෙක් මන්ත්‍රීවරු හිතින් අල්ලනවා ඇති. ඒත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීම දැන් බැසිල් එක්ක තරහයි. මිනිහා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අහකට කරලා පළාත් සභාවලට අපේක්ෂකයෝ තෝරනවා. තම තමන්ගේ දිස්ත්‍රික්වලට තමන් අකමැති, හැබැයි අන්තිම මොහොත වෙනතුරුත් මෛත්‍රී එක්ක හිටපු මිනිස්සු බැසිල් දැන් පළාත් සභා වලට ගහගෙන යනවා.

මේක මචං අද ඊයේ පටන් ගත්ත ප්ලෑන් එකක් නෙවෙයි.. බැසිල්ට තියෙන්නෙ බට නඩුවකුයි ඔරලෝසු නඩුවකුයි.. ඒත් මචන් බැසිල්ට තියෙන්න ඕන ඒ නඩුද? අනික හිරේ ගියත් නවතින්නේ ගෙවන වාට්ටුවෙ.. එහෙම කාටද බන් හිරේ යන්න පුළුවන්.. මේ ඔක්කොම ඩීල් එකක්.. මම පිළිවෙලට ලියන්නම් මේ ප්ලෑන් එක.

මචන්, විමල්ලා දිනේශ්ලා මේ බලවේගය හැදුවා. රනිලාගෙ සියළු ප්ලෑන් දියවෙන මට්ටමට මේක නැගගෙන ආවා. රනිලාට මේකට කරන්න දෙයක් තිබ්බෙම නෑ. රනිල් කලේ බැසිල් ගෙන්නපු එක. මොකද ඒ වෙද්දි මහින්දත් ජනතාවට යටත්. රනිල්ට ඕන වුනේ ශේප් එකේ මේ බලවේගය දිය කරන්න. හොරකමට බයේ රටින් පැනපු බැසිල් කොහොමද බන් එයාර්පෝට් එකෙන් බබා වගේ එන්නේ.

මේ කපුකම රනිල් කරන්නෙ මලික් සමරවික්‍රම හරහා. මලික්ගේ හොඳම යාළුවෙක් තමයි බැසිල්ගේ දකුණු අත වගේ ඉන්න ආචාර්‍ය රංජිත් බණ්ඩාර. මේ දෙන්නා මූලික කරගෙන තමයි මේ ඩීල් එක ගාණට යන්නෙ. බැසිල්ගෙ පොරොන්දුව තමන් සහ තමන්ගේ ගෝලයින්ගේ වත්කම් එළියට අදින්නෙ නැති එක.

ඊට පස්සෙ රනිල් බැසිල්‍ට කොන්දේසි විරහිත සමාවක් දෙනවා. ඔන්න බලහන් බැසිල් හැම චෝදනාවකින්ම මේ අවුරුද්දේ නිදහස් වෙනවා. මොකද බැසිල්ට තව එක මඩ පාරක්වත් ගෑවුනොත් රනිල්ට අවාසියි.

ඊයේ උඹලගෙ නිව්ස් එක මුළු ඒකාබද්ධ විපක්ෂයම කියෙව්වා. ඒ ගාමිණී ලොකුගේගෙ පාටියේදි. ගල්කිස්ස හෝටලේදි. ගොඩාක් අය මේ ගැන කතා කලා ඒකයි ඊමේල් එකක් දාන්න හිතුවේ…

අනික් කාරණය මචන් ඔය නෙළුම් මාවත ඔෆිස් එක. ඒකෙ අයිතිය රන්ජිත් බණ්ඩාරගේ. දැන් එතන තවත් අසල්වැසියෙක් ඉන්නවා. ඒ තමයි රෝහිත අබේගුණවර්ධන. සුද්දන්ට අන්නාසි විකුණපු එකෙක් කොහොමද බන් බත්තරමුල්ලෙ නෙළුම් මාවතෙන් ගෙයක් ගන්නේ. ඉතින් ඌටත් බැසිල්ගේ එකවුන්ට් එකටම බැරවෙලා රනිල්ගෙන් බේරෙන එක තමයි හොඳම.

උඹලා දන්නවද තව නෙළුම් මාවතේම පදිංචි වෙලා ඉන්න බැසිල්ගේ කල්ලියේ නීල කාස හොරු ගැන. එකෙක් මචන් විලී ගමගේ. අනිකා මචන් ලක්ෂ්මන් හුළුගල්ල. විලී ගමගේ කියන්නෙ 2011 කෝටි දෙකක කප්පමක් ගන්න ගිහින් අතේ මාට්ටු වෙච්ච එකා. බැසිල්ගෙ කළු සල්ලි සුදු කරලා නඩුවක් තිබිලා එක දවසින් උටත් ඇප හම්බුනා. අනික කුඩු කේස් අරවට මේවට අහුවෙලා නන්නත්තාර වෙච්ච ලන්සාව ගත්තේ කව්ද ? බැසිල් තමයි. එතකොට බැසිල්ට තියන උවමනාව මොකද්ද කියල  තේරෙනවා නේ. ආණ්ඩුවේ ඉදලා බැසිල් ගාවට ආපුගමන් ලන්සා නිරුපද්‍රිතයි. එහෙම වෙන්නෙ කොහොමද? අරුන්දික එතනෝල්, ලන්සා කුඩු… ඉතින් මේ ඔක්කොම බැසිල්ගේ සාක්කුවට වැටුනු ගමන් කොහොමද නිරුපද්‍රිත වෙන්නේ. ඔන්න ඕවා ඔයාල දකින්නෙත් නෑ අපේ මිනිස්සු තේරුම් ගන්නෙත් නෑ… මේවා පලකරන්න මිනිස්සුන්ට ඇත්ත දැනගන්න.

අනිකා ලක්ෂ්මන් හුළුගල්ල. උඹලට මතකනම් ඌ තමයි අර එස් ටී එෆ් ගාඩ් එක දාගෙන සලාකා එකේ ගෑණිට කොටු පැන්නේ. දෙපාරක් පැනඩෝල් බීලා මැරෙන්න ගියා. මුන් ඔක්කොටම ඇප එක දවසකින් හම්බෙනවා.

ඒත් සැබෑවටම මහින්දවාදී පිල ගැන බලහන්…

නාමල් දවස් ගාණක් ඇතුලට ගියා. ජොනී ඇතුලට ගියා. මහින්දානන්ද ඇතුලට ගියා. දැන් දිළුම්ව ගන්න හොයනවා. එක්කෙනෙකුට ඇප දෙන්නෙ නෑ. විමල්ලා, ජයන්තලා මුසම්මිල්ලා ඇතුලට ගියා. උන්ට කිසිම මානුශික හේතුවක් මත ඇප හම්බුනේ නෑ කියලා උඹලට මතක ඇති. ඔන්න ඔහොමයි මචන් සියල්ල සිදු වුනේ.

දැන් මොකක්ද ප්ලෑන් එක එහෙනම්…

බැසිල් හදන්නෙ මැතිවරණ දිනුම් හරහා දිනපු මිනිස්සු තමන්ගේ ගොඩට ගන්න. ඒ හරහා මිනිහට වාසි වෙන විදිහට බිමේ යම් ප්‍රමාණයක් හදන්න. එතකොට ගෝඨා නැති නිසා කලකිරෙන ඡන්දයි, සිරිසෙන ඩැහැගන්න සුලු ඡන්ද ටිකයි එක්ක රනිලාව ජනාධිපති කරන්න. ඒත් මචන් අපේ ලොක්කො ගේම අත අරින්නෙ නෑ. අනිවා ගෝඨා ගේනවා.. නැත්නම් බැසිල්ට කරගන්න කියලා ගෙදර යනවා කියලයි කියන්නෙ කට්ටිය.. අද විපක්ශෙට ආපු 16 බැසිල්ට කැමති නෑ.. ඒ නිසා අපේ ලොක්කො තවත් ශක්තිමත්.

බැසිලා හොඳ සංවිධායකයෙක් තමයි.. ඌට ඔය තියෙන මොලේ අපිව ගොඩ දාන්න පාවිච්චි කරනවා වගේම තමයි අන්තිමේට රනිල්ව දිනවන්න පාවිච්චි කරන්නෙ.. ඒක අපේ ලොක්කො දන්නවා.. ඒකයි මැයි රැළිය පටන් ගන්න අන්තිම මොහොත වෙනකම් එක්කෙනෙක්වත් රැළිය තියෙන පැත්ත පළාතකවත් නාවේ.

මිනිස්සු දැනුවත් කරපල්ලා බන් මේ බැසිල්ගේ දෙබිඩි ගේම ගැන.. අපිට මේ රට වැදගත්.. බැසිල්ලා වගේ උන් මේ රටින් මකබෑවිලාම යන්න ඕන.

තෑන්ක්ස් මචන්.

අපගේ සටහන :
උක්ත ඊමේල්කරු සඳහන් කරනා පරිදි අපගේ ලිපියේ වැරද්දක් ඇතිනම් එය නිවැරදි කිරීමට අප කැමතිය. නමුත් ඉතාමත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග හරහා ලැබුණු උක්ත තොරතුරු වල නිවරද්‍යතාවය පිලිබඳ අපිට විශ්වාසයක් තිබේ. නමුත් ඒ පිලිබඳ සොයා බලා පාඨකයා දැනුවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු.

බැසිල්, විමල්, නාමල් ජොනී හෝ කවුරු හෝ වේවා හොරකම් කළා නම් හිරේ ලැගිය යුතුය. බැසිල් හැරෙන්නට අනිත් හොරුන් හිරේ ලැග්ගේ අන්න ඒ නිසාය. රිජීමයේ නීලකාස හොරුන් තවමත් නිදැල්ලේ හැසිරෙන බව අපත් රටේ ජනතාවත් දන්නා කරුණකි. සිය ජනාධිපති හීනය වෙනුවෙන් බැසිල් වැනි වනචර දශකයේ මෘගයින්ට සැප දීම රනිල්ට කවදා හෝ විඳවන්නට ලැබෙනු ඇති බව ලියුම්කරුට විශ්වාසයක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *