Breaking Gossips Politics Sri Lanka

හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා

මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත.

කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් ආකාරයකට සිදුකර ඇතිබව LEN වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ. මුද්‍රණයේදී spoil ලෙස ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර මෙලෙස spoil ලෙස ඉවත් කර ඇති පත්‍රිකා බොහොමයක් කිසිදු වරදක් නැතිව ඉවත් කර ඇති බව වාර්තා වේ. එලෙසම මෙසේ ඉවත් කිරීමේදී අනුගමනය කරන ගණනය කිරීම් කටයුතුද නිසි ආකාරයෙන් සිදු කර නැත. පත්‍රිකා විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවීමේදී, ඒවා දිග පළල ගණනය කිරීමක් සිදු කල නොහැකි නිසා බර පමණක් ගණනය කර ඉවත් කර ඇතැයි, එම ක්‍රියාවලියට සම්බන්ධ වූ රජයේ සේවකයෙක් අප වාර්තාකරු සමග පවසා ඇත.

එම නිලධාරියා ප්‍රකාශ කල පරිදි දිනකට පත්‍රිකා දහස් ගණනක් මෙලෙස ස්පොයිල් ලෙස ඉවත් කර ඇතිබව වාර්තා වේ. එම නිලධාරියා දැනට අවුරුදු 25ක් පමණ රජයේ මුද්‍රණාලයේ සේවයේ නියුතු අතර මෙලෙස ඡන්ද පත්‍රිකා විශාල තොගයක් spoil ලෙස සලකා ඉවත් කල පළමු අවස්ථාව මෙය බවත් ඔහු ප්‍රකාශ කර ඇත. එමෙන්ම එලෙස spoil ලෙස ඉවත් කරන ඡන්ද පත්‍රිකා බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් පසුගිය අවස්තාවන් හීදී පැවතියත්, මෙවර මුද්‍රණය වූ අනෙකුත් නිවැරදි පත්‍රිකා සමග මෙම spoil ලෙස ඉවත් කල පත්‍රිකාද රැගෙන ගිය බව ඔහු තව දුරටත් පවසා ඇත.

මේ අතර පසුගිය සතියේ දිනක කිලිනොච්චියේදී ව්‍යාජ පත්‍රිකා තොගයක් බෙදාහරිමින් සිටියදී දෙමල ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක් අත්අඩංගුවට පත්වී අත. එලෙසම මෙසේ බේරුවල ප්‍රදේශයේ හොර ඡන්ද පත්‍රිකා පිලිබඳ ඔත්තුවක් පොලිසියට ලැබී ඇති අතර ඔවුන් මේ පිලිබඳ පරීක්ෂණ පවත්වයි. පොලොන්නරුව ඡන්ද බල ප්‍රදේශයේද හොර ඡන්ද පත්‍රිකා පිලිබඳ ඔත්තුවක් පොලිසියට ලබා දී ඇතත් තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි වාර්තාවේ. එසේම පුදුකුඩිඉරිප්පු, තේරාවිල් සහ මුලතිව් ප්‍රදේශ වලද මෙලෙස හොර ඡන්ද පත්‍රිකා සොයාගෙන ඇති බව වාර්තා වේ.

වෙනදා මුද්‍රණයෙන් අපතේ (spoil) යන ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලය විසින් නිසි පරිදි බැහැර කිරීම කටයුතු සිදු කලත්, මෙවර spoil ලෙස කියමින් ඉවත් කරන ලද හොඳ තත්වයේ පවතින ඡන්ද පත්‍රිකා සියල්ලම රැගෙන යාම පිලිබඳ රජයේ මුද්‍රණාලයේ සේවකයන් විමතිය පල කර ඇත.

නිසි ප්‍රමිතියකට මුද්‍රණය වූ ඡන්ද පත්‍රිකා spoil ලෙස හඳුන්වමින් ඉවත් කලේ මන්ද ? රජයේ මුද්‍රණාලයේ බැහැර කිරීමේ පටිපාටියට පරිබාහිරව ඒවා රැගෙන ගියේ කොහේටද ? එම spoil ලෙස හැඳින්වූ පත්‍රිකා විනාශ කලේද ? එසේත් නැතිනම් දැන් ඇත්තේ කොහේද ? LEN අවධානයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *