Gossips

සිරියාවට පහර දෙන බවට ප්‍රංශයෙන් අනතුරු ඇඟවීමක්

සිරියානු රජය එරට වැසියන්ට එරෙහිව රසායනික අවි පරිහරණය කරන බවට අනාවරණ වුවහොත් සිරියාවට පහර දෙන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිෂ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
මේ මස මුලදී කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ඉඞ්ලිබ් නගරයේ පුපුරා ගිය රසායනික බෝම්බයකින් පුද්ගලයින් 9 දෙනෙකු ශ්වසන ආබාධවලට ලක් වුණා.
සිරියානු විපක්ෂය එහිදී චෝදනා කළේ ආණ්ඩුවේ හෙලිකොප්ටරයක් මගින් අදාළ බෝම්බය පොළොවට පතිත කළ බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *