Gossips

සද්ධන්තයෙකුට දිවි අහිමි කළ විදුලි රැහැන (ඡායාරූප)

අම්පාර, උහන, හිමිදුරාව, 10 ඇල ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා.
අම්පාර වනජීවි කාර්යාලය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 15ක් පමණ වයසැති සත්වයෙක් බවයි.
හේනක් වටා ඇද තිබූ විදුලි රැහැනක, විදුලි සැර වැදිමෙන් පසුගිය 10 වනදා මෙම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ අම්පාර වනජීවි කාර්යාලයේ නිලධාරීන් අද (12) එම ස්ථානයට පැමිණ සත්වයාගේ සිරුර පරික්ෂා කළ බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප – අම්පාර, සමන් චන්ද්‍රතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *