Gossips

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු 20 -20 ගැටුමට අලුත් නායකයෙක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියේ පළමු තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මහමදුල්ලාට පැවරී තිබෙනවා.
තරඟාවලියේ පළමු තරඟය හෙට (15) ආරම්භ වීමට නියමිතයි.
බංග්ලාදේශ පන්දුවාර 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන ශකිබ් අල් හසන් පළමු තරඟයට සහභාගී නොවීම හේතුවෙන් මහමදුල්ලාට එම වගකීම පැවරී තිබෙනවා.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයේදී ඇඟිල්ලේ සිදුවූ අබාධයක් හේතුවෙන් ශකිබ්ට හෙට තරඟය අහිමි වී තිබෙනවා.
හෙට ආරම්භ වන පළමු තරඟය සඳහා ශකිබ් වෙනුවට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නස්මුල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
නිමා වූ බංග්ලාදේශ ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරඟාවලියේදී නස්මුල් ඉස්ලාම් දැක්වූ දක්ෂතා මත ඔහුව සංචිතයට කැඳවීමටයි තේරීම් කමිටුව මෙලෙස තීරණය කර ඇත්තේ.
බංග්ලාදේශ සංචිතය පහතින්.
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සකාර්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහෙමාන්, මුස්තෆිසුර් රහමන්, රුබෙල් හසන්, මොහොමඩ් සයිෆුඩින්,අබු හයිඩර්, අබුජෙයිඩ්, රිෆුල් හක්, මෙහෙදී හසන්, සකීර් හසන්, අෆීෆ් හුසේන්, නස්මුල් ඉස්ලාම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *