Gossips

වනෝද්‍යානවලට යන අයට හෙට සිට තහනමක්

වනජිවි සංරක්ෂණ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පාලනය වන ආරක්ෂිත ප්‍රදේශ තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය 70 වන නිදහස් සැමරුම යෙදෙන හෙට සිට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, දැඩි ස්වභාව රක්ෂිත, ජාතික උද්‍යාන, ලෝක උරුම වන භූමි, රක්ෂණ සහ රක්ෂිත වනාන්තර වල මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව භාවිතයෙන් පසු ඉවත දමන ජලය සහ බීම වර්ග ඇතුලත් ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් ද ඇතුලුව පොලිතින් මළු, කෑම දවටන කොළ ද ඇතුලුව පොලිතින් සහිත ආහාර ඇසුරුම් සහ පොලිස්ටයිරින් ආහාර ඇසුරුම් භාජන මෙම ස්ථානවලට රැගෙන යාම තහනම් වනු ඇති.
මේවාට විකල්පයක් ලෙසට නැවත පාවිච්චි කළ හැකි ජල බෝතල්, රෙදි සහ කඩදාසිවලින් නිම කළ මළු සහ නැවත භාවිත කළ හැකි ආහාර ඇසුරුම් භාජන භාවිත කිරීමට අවසර ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් ඒවා ද ආරක්ෂිත ප්‍රදේශ තුලට බැහැර නොකළ යුතු බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියාසිටියේ.
මෙම පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පිළිනොපදින පුද්ගලයන්ට නීති මගින් කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *