Gossips

මුහුදු පතුලේ සැඟවුනු රහසක් හෙළිවෙයි (ඡායාරූප)

කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය නෞකා රැසක තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් පසුගිය දිනවල සිදු කරන ලද ගවේෂණ මගිනුයි තොරතුරු හෙළිකරගෙන ඇත්තේ.
දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මුලික කර ගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේදී ගිලී ගිය යාත්‍රා 20 කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100 කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි මෙන්ම මෑත කාලීනව ගිලී ගිය යාත්‍රා ද ඒ අතර වන බව සඳහන්.
පර්යේෂණයට ලක්වූ බොහෝ යාත්‍රා මීටර් 25 කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත්වී තිබෙනවා.
ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන්ම වාෂ්ප නෞකා, කුඩා හා මධ්‍යම පරිමානයේ වාෂ්ප නෞකා සහ එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද වන බවයි හෙළිවී ඇත්තේ.
මෙම ගවේෂණ වැඩසටහන යටතේ උණවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට ගිලී ගිය කුඩා යාත්‍රා ගවේෂණය කිරීම ද අපේක්ෂිතයි.
නෙදර්ලන්ත රජයේ සහයෝගය ද මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබෙන අතර මෙරට පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද මීට සමගාමීව බිහිකර තිබෙනවා.
හමුවු පුරාවිද්‍යා වටිනාකමින් යුත් භාණ්ඩ සහ උපකරණ රැසක් මේවන විට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේයි තැන්පත් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *