Gossips

මැතිවරණ රාජකාරියට ගිය නිලධාරීන් පිරිසක් අනතුරක (ඡායාරූප)

මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් රැගෙන ගිය කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද උදෑසන මෙම අනතුර සිදුවී ඇත්තේ මුලතිව් මාන්කුලම් ප්‍රධාන මාර්ගයේදීයි.
ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණ නිලධාරියෙකු පොලිස් නිලධාරියෙකු සහ කැබ් රථයේ රියදුරා අනතුරින් තුවාල ලබා තිබෙනවා.
ඔවුන් මුලතිව් රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අධික වේගයෙන් ධාවනය වු කැබ් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මුලතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක, වව්නියාව මාධව කුලසුරිය, වව්නියාව දිනසේන රතුගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *