Gossips

බාලවයස්කරුවන්ට කාමර පහසුකම් ලබාදෙන ලැගුම්හල් පරීක්ෂාවට වැඩපිළිවෙළක්

බාලවයස්කරුවන්ට කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපතිනි නීතීඥ මරිනි ද ලිවේරා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි ස්ථාන පරීක්ෂාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් වැඩපිළිවෙලක් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙලෙස බාලවයස්කරුවන්ට ලිංගික කාරණා සඳහා අවස්ථාව ලබාදෙන ලැගුම්හල් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 19 29 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම්වත් කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *