Politics Sri Lanka

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රැයෙන් අවසන්

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රැයෙන් අවසන්

2018 පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රවාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කිසිඳු ප්‍රචාරක කටයුත්තක් සිදුකල නොහැකි අතර ඡන්ද දායකයින්ට බලපෑම් වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

මෙම නීතිය 11දා දක්වාම ක්‍රියාත්මක වන අතර මෙම කාලය තුළ එවැනි ක්‍රියාවන් සිදු නොකරන ලෙසට සියලුම අපේක්ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *