Gossips

ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ ජනතාවගෙන් මැසිවිලි

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් වුව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශකර තිබුනේ ඡන්ද විමසීම අවසන් වී පැය 5 කින් පමණ ප්‍රතිඵල ලබාදෙන බවයි.
එහෙත් ප්‍රථම ප්‍රතිඵලය නිකුත්වුවේ ද ඡන්ද විමසීම අවසන් වී පැය 8 කටත් අධික කාලයක් ගතවීමෙන් අනතුරුවයි.
ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ විමසීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප කළ උත්සාහය සාර්ථක වුයේ නැහැ.
ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ විමසීමට හිරු නිව්ස් මැදිරියට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ද විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.
ඔවුන් එම ප්‍රමාදය පිළිබඳ සිය කනස්සල්ල පළකර සිටියා.
මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී තිබෙනවා.
ඒ අනුව ඉලංගෙයි තමිල් අරසුකච්චි ඡන්ද 1836 ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1505 ක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 523 ක් ලබාගෙන තිබෙනවා.
මේ අනුව මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආසන 6 ක් ලැබෙන අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාව 4 ක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම ප්‍රාදේශීය සභාවේ ආසන 2 ක් හිමිවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *