Gossips

ප්‍රතිඵල නිකුත් වූ පළාත් පාලන ආයතන 103 කින් 70 ක ජය පොදුජන පෙරමුණට

පළාත් පාලන ආයතන 340 ට අදාළව මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 70 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙනවා.
ඔවුන් ඡන්ද දොලොස් ලක්ෂ 72,506 ක් ලබා ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 67 යි දශම 9 යි 6 ක්.
පළාත් පාලන ආයතන 14 ක් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාගත් අතර ඔවුන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද අට ලක්ෂ 59,314 ක්.
පළාත් පාලන ආයතන 14 ක් ජයග්‍රහණය කරමින් ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය ඡන්ද එක්ලක්ෂ 859 ක් ලබා ගත්තා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන ආයතන 2 ක් ජයග්‍රහණය කර ඇති අතර ඔවුන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 82,138 ක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 3 ක ජය හිමිව ඇති අතර, ඔවුන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 99,934 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *