Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

දුම්වැටි කාටුන් 242 ක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ පෞද්ගලික සමාගමක නිලධාරින් දෙදෙනෙකු වන ඔවුන් කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරතවී පැමිණෙමින් සිටියදී මෙම දුම්වැටි තොගය රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපල රේගුව සදහන් කළේ.
මෙම පුද්ගලයන් දෙදෙනා සිය ගමන් මලුවන සගවා දුම්වැටි රැගෙනවිත් ඇතැයි සඳහන්.
අවුරුදු 47 ක් සහ 27 ක් වයස වන සැකකරුවන් අදාළ පෞද්ගලික සමාගමක විසින් කෙටි සංචාරයක් සඳහා කුවේට් වෙත යවා තිබු බව අනාවරණ වී තිබෙනවා.
ඔවුන් රැගෙන ආ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසිහතර ලක්ෂ 24,000 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.
මේ අතර, නීතිවිරෝධී දුම්වැටි 43,800 ක් සන්තකයේ තබා ගෙන සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු ද කොල්ලූපිටිය – ඩික්මන් පාරේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *