Gossips

නිවසක් තුළට ආ මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල්

වියළන ලද මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (13) සවස මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පුත්තලම – කරඹ ප්‍රදේශයේ නිවසක් තුළ ගබඩා කර තිබියදී මෙම මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගය සොයාගෙන තිබෙනවා.
වියළන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 688ක් සහ වියළන ලද මෝර වරල් කිලෝ ග්‍රෑම් 625ක් සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් තිදෙදෙනා තමිල්නාඩුවේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇති අතර ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙම මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් මෙරටට ගෙන එන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.
සැකකරුවන් අද දින (14) පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කල්පිටිය පොලිස් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *