Gossips

නිදහස් සන්ධානයෙන් තීරණයක්

පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.
එම තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිඛිතව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉදිරි දින දෙක තුල ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිවරයාට පෙන්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
මේ අතර ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සිකුරාදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව අදත් අරලියගහ මන්දිරයේදි සාකච්ඡාවක නිරතවුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සාකච්ඡා අද පස්වරුවේ පවත්වනු ලැබුවේ කැබිනට් රැස්වීමෙන් අනතුරුවයි.
පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වූ පළමු කැබිනට් රැස්වීම මෙය වූ අතර, මෙහිදී ආණ්ඩුවේ විශේෂ වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවටයි වාර්තා පළ වූයේ.
කෙසේ වෙතත්, එහිදී රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරුන් වන දයා ගමගේ, විජිත් විජයමුණි සොයිසා, සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *