Gossips

දළ පූට්ටුවාට වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්

ගල්ගමුව දළපූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
දළ පූට්ටුවාගේ දළ යොදාගනිමින් සකස් කළ මුදු සහ පෙන්ඩන්ට් ළඟ තබාගත් සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මීට පෙර අවස්ථාවලදී මුදාහැරුණා.
එමෙන්ම මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *