Gossips

දකුණු අප්‍රිකාවට ගිය ඉන්දියාව පළමු වතාවට මුලු දකුණු අප්‍රිකාවම හොල්ලයි

දකුණු අප්‍රිකාව සමඟ පැවැති එක්දින තරගාවලියක් පළමු වරට ජය ගැනීමට ඉන්දියාව ඊයේ (13) සමත් වුණා.
දෙරට අතර තරඟ 06කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 04ට එකක් ලෙස ඉන්දියාව ජයගෙන තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ පෝට් එළිසබෙත් හි ඊයේ පැවැති 05 වන එක්දින තරඟය ලකුණු 73කින් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 274ක් රැස් කළා.
රෝහිත් ශර්මා ලකුණු 115යි.
ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 42යි පන්දු දෙකක් තුළ දී සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *