Gossips

ජය පැන් බොන්න ගිය 18 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මරුට (ඡායාරූප)

මැතිවරණයෙන් ජය ගනු ලැබූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ජය සැමරිමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත් විමේ පුවතක් කෑගල්ල පින්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇත්තේ වරකාපොල – නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
වරකාපෙල ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් වි ඉන් ජයගනු ලැබූ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට උපකාර කළ සිසුන් 16 දෙනෙකුට කිවුල්දෙණිය – මානඇල්ල – උදුගොඩ ඔය ආසන්නයේ මත්පැන් සාදයක් සංවිධාන කර තිබුණේ ඊයේ (13) දිනයේයි.
පසුව සිසුන් පිරිස මත්පැන් පානය කර මෙම ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේයි මෙම සිසුවා දියේ ගිලී මියගොස් ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *