Gossips

ජනපති ගැන තීන්දුවකට, දකුණු අප්‍රිකානු පාලක පක්ෂය රැස්වේ

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබදව තීරණයක් ගැනීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජාතික විධායක කමිටුව අද රැස්වනවා.
75 හැවිරිදි ජනපති සූමාගේ 9 වසරක පාලන කාලය තුළ දූෂණ චෝදනා රැසක් එල්ල වූ අතර, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නව නායකයා ලෙස සිරිල් රමෆෝසා පත් කර ගැනුණේ ඉන් අනතුරුවයි.
ඒ අනුව ජේකොබ් සූමාට ඉල්ලා අස්වී නව නායකයා වෙත බලය පවරන ලෙස විධායක කමිටුව අද ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂිතයි.
දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩලාගේ ඡන්ම ශත සංවත්සරයට ඊයේ සහභාගි වෙමින් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නව නායක සිරිල් රමෆෝසා කියා සිටියේ මැන්ඩෙලා පෙනී සිටි අරමුණු උදෙසා දකුණු අප්‍රිකානුවන් කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *