Politics Sri Lanka

ඡන්දෙට යනකොට ඡන්දය දාලා

ඡන්දෙට යනකොට ඡන්දය දාලා

ඡන්දය භාවිත කිරීමට පුත්තලම – අට්ටවිල්ලුව ග්‍රාම නිලධාරී කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය තමාගේ ඡන්දය ඒ වනවිටත් භාවිත කර ඇතැයි ඡන්ද නිලධාරීන් පැවසූ බව අට්ටවිල්ලුවේ පදිංචි මේරි කැලිස්ටා (70) මහත්මිය පවසයි.

ඡන්දය විමසීම නිමා වීමට පෙර මේ සම්බන්ධයෙන් පැමිණිළි කර තිබුණේ නම් යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉඩ තිබූ බව පුත්තලම දිසා ලේකම් හා තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පවසයි.

තමාට අසාධාරණයක් සිදුවී ඇති බව කියමින් ඇය පුත්තලම පොලීසියට පැමිණිළි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *