Gossips

ගම්පහ ම රත්කරමින් කළ වෙඩිතැබීමේ අලුත් ම සැකය

ගම්පහ – කෙහෙල්බද්දර ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම, එම ප්‍රදේශයේ දෙපිරිසක් අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලීසිය සැක කරනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණේ 65 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මොහු සිය නිවස මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණා.
පෙරේදා දිනයේදීද ගම්පහ – නැදගමුව – බෝගහහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ මෙවැනිම වෙඩි තැබීමකින් චමින්ද හෙවත් චමී නැමති 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු පස් පොඩ්ඩා නැමති පාතාල සාමාජිකයෙකුගේ සමීපතමයෙකු බවට පසුව හෙළිවූ අතර, මෙම සිද්ධිය සහ අද සිදුවූ වෙඩි තැබීම අතර සබඳතාවක් තිබේයැයි පොලීසිය සැක කරනවා.
එසේම මියගිය පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයෙකු ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකරගේ හිතවතුන් බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළා.
පසුගිය වසරේ අප්‍රේල් 8 වනදා සිය ජීප් රථයෙන් ජාඇල – කිරිඳිවිට ප්‍රදේශයේ සිට උඩුගම්පල දක්වා යමින් සිටියදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් මොහුට වෙඩි තැබූ අතර, එහිදී ජීප් රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින මාකිලන්ගමුවේ සංජීව නැමති පාතාල සාමාජිකයාටයි.
මේ අතර අද සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට පසුගියදා කිසියම් අයෙකු විසින් දුරකථනයෙන් මරණ තර්ජන සිදුකර ඇති බවටද පොලීසිය ප්‍රකාශ කළා.
එසේම පොලීසිය සැක කරන්නේ මෙම වෙඩි ප්‍රහාරය මියගිය පුද්ගලයාගේ පුතු ඉලක්ක කර එල්ල කළ බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *