Gossips

කේරල ගංජා සමඟ වව්නියාවේදී සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට

යාපනයේ සිට කොළඹට රැගෙන යාමට සුදානම් කර තිබු කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (13) සවස මෙම සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ.
54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ තිබු කේරල ගංජා කිලෝ 8 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්න බවයි වාර්තාවන්නේ.
සැකකරු අද (14) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *