Gossips

කුසල්, ධනංජය පෙරමුණට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා අනුව අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණි ගත කිරිම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමත්ව තිබෙනවා.
ඒ අනුව අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණි ගත කිරිම් හි ස්ථාන ස්ථාන 12කින් ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත්ව සිටිනවා.
ස්ථාන 12කින් ඉදිරියට පැමිණි කුසල් මෙන්ඩිස්ට මේ වන විට පසුවන්නේ 23 වන ස්ථානයේයි.
ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට වඩා එක ස්ථානයකින් පෙරමුණ ගෙන සිටිනවා.
ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණි ගත කිරිම් වල හිමිව ඇත්තේ 24 වන ස්ථානයයි.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුණා.
බංග්ලාදේශය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 173ක් රැස් කළ ධනංජය ද සිල්වා මෙම ශ්‍රේණි ගත කිරිම් හි ස්ථාන 08කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ධනංජය ද සිල්වාට එම සටහනනේ හිමිව ඇත්තේ 38 වන ස්ථානයයි.
ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණි ගත කිරිම් වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්.
චන්දිමාල් එම ශ්‍රේණි ගත කිරිම් වල 09 වන ස්ථානයට හිමිකම් කියනවා.
rnrnrnrn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *