Gossips

ඒකාබද්ධ විපක්ෂය නිල අයිතිය ඉල්ලයි

පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඒ සම්බන්ධයෙන් ලබන සතියේදී කථානායකගෙන් ඉල්ලීමක් සිදුකරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවර පළාත්පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඒකාබද්ධ විපක්ෂයට බහුතර බලයක් ලැබී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බහුතර කැබිනට් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය කොට්ඨාශය පරාජයට පත්වුණු බවයි ඔහු කියා සිටියේ.
මේ අතර බත්තරමුල්ල – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදුකිරීමට සහය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *