Gossips

එජාප ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිල්ලක්

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිලක් දමා බියට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය පවසනවා.
පසුගිය 11 වැනිදා සවස මෙම සිදුවීම සිදුවී තිබෙනවා.
ඉහළ පුලියන්කුලිම,අළුත්ගම – බුද්ධි ඉදුවර ගම්මනයේ පදිංචි විජයකෝන් මුදියන්සේලාගේ කාංචනා ශලනි යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.
තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට පැමිණි පොදු ජන පෙරමුණ ආධාරකරුවෙකු තමාගේ නිවසට අලි වෙඩිල්ලක් පත්තු කර දමා ගිය බව පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *