Politics Sri Lanka

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාව කබලෙන් ලිපට – රජය වන්දි ගෙවීම නතර කිරීමට සැරසෙයි.

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතාව කබලෙන් ලිපට – රජය වන්දි ගෙවීම නතර කිරීමට සැරසෙයි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අදාළ වන්දි ගෙවා අවසන් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද, එය සත්‍යෙයන් තොර බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පැවසයි. උමා ඔය ව්‍යාපෘතියෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (07) විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.

පෙත්සම නැවත කැඳවීම මාර්තු 28 දක්වා කල් දමාඇත. පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජත් මළල්ගොඩ මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි

වගා හානි, නිවාස හානි සහ ව්‍යාපාරික ස්ථානවලට තවමත් අදාළ වන්දි මුදල් ගෙවා අවසන් නැති බව අවධාරණය කළ ඒ මහතා වන්දි ලබා දීම සාධාරණව සහ ප්‍රමාණවත්ව සිදු නොවන බවද ප්‍රකාශ කළේය. මෙසේ තිබියෙදී මෛත්‍රී, රනිල් හවුල් ආණ්ඩුව පීඩාවට පත් 1,10,000 ට අධික ජනතාවක් තවදුරටත් අපහසුතාවයට පත් කර ඇතැයි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මෙළෙස අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයට තමන්ගේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කරන බව සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *