Gossips

උදයංග වීරතුංගගෙන් ෆේස්බුක් පණිවුඩයක්

ජාත්‍යන්තර පොලිසිය මගින් තමා නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමිනුයි ඔහු මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ඔහු පසුගියදා අමරිකාව බලා යමින් සිටියදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායිහිදීයි.
ෆේස් බුක් හි සටහනක් තබමින් උදයංග වීරතුංග සඳහන් කර ඇත්තේ ජත්‍යන්තරව චෝදනාවක් නොමැතිව හා රතු වරෙන්තුවක් නොමැති බවට සනාථ වීමෙන් පසු තමා නිදහස් කළ බවයි.
මේ අතර ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත්වු උදයංග වීරතුංග පිළිබඳ ඉදිරි විමර්ශණ සඳහා නිලධාරීන් පිරිසක් අබුඩාබි බලා පිටත්වීමට නියමිත බවයි පසුගියදා පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *