Politics Sri Lanka

ඇලෝසියස්ගේ අරක්කු සමාගමේ වැඩ තාවකාලිකව නවතියි

ඇලෝසියස්ගේ අරක්කු සමාගමේ වැඩ තාවකාලිකව නවතියි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ කාලයක සිට අත්හිටුවා තිබේ.

නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති බව සඳහන්වෙයි.

තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී ඇති බව වාර්තා වෙයි.

නිෂ්පාදනය කළ නිෂ්පාදන තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් මේ වනවිට සිදු වන බව ද සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *