Gossips

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීම අවසන්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි.
මේ අතර කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඡන්දය ගණනය කිරීමේ කටයුතු අවසන් අදියරයේ පවතින බවයි.
පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්දය ගණනය කිරීමේ කටයුතු මේ වනවිට යුහුසුළුව සිදු කෙරෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු සියයට 50 කින් පමණ අවසන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *