Gossips

අදත් පක්ෂ නායක රැස්වීමක් – බැඳුම්කර විවාදය හෙට

බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන විවාදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා.
පෙරවරු 10.30ට පැවැත්වෙන මෙම රැස්වීමට සහභාගි වන ලෙස පක්ෂ නායකයින්ට දැනුම්දී ඇති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
හෙට පැවැත්වෙන විවාදය සඳහා ඉදිරියේදී තවත් දින යොදාගන්නේද යන්න පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.
එමෙන්ම විවාදයේදී ඒ ඒ පක්ෂවලට ලබාදෙන කාලය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *